Pages

Sunday, September 26, 2010

අප විද්‍යාලයට වසර සියයයි..............(1910 - 2010)


''සියවස් පිරුණ - සියපත් වරුණ"

මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ කීර්තිමත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කොට මෙම වර්ෂයට වසර සියයක් සපිරීම නිම්ත්තෙන් සියවස සැමරුම් උත්සව මාලාවක් 2010.09.23 වන දින සිට 2010.10.04 වන දින දක්වා පැවැත්වීමට පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය ඇතුළත් පාසල් ප්‍රජාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම උත්සව මාලාව පහත පරිදිය.

2010.09.23 - සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය
2010.09.24 - සියක් නමක් විෂයෙහි ස
සතු දානමය පිංකම.
2010.09.30 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.01 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.04 - ගරු අධ්‍යාපන. අමාත්‍යතුමා, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා,වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමාඇතුලු සම්භාවනීය අමුත්තන්. රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් සියවස් සැමරුම්
අභිනන්දන උළෙල.
එදින වැඩසටහන
1. නිකවැව නාගල රාජමහා විහාරාධිපති නාහිමියන් විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් නව බුදු මැදුර විවෘත කිරීම
2. සියවස් සමරු කලාපය එළි දැක්වීම
3. පාසලේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල් ගල් තැබීම
4. ලොතරැයි දිනුම් ඇදීමක් ඇතුළත් ආදි ශිෂ්‍ය සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීම.

මෙම උත්සව මාලාව සඳහා සහභාගී වීමට ඔබ සැමට සෙනෙහසින් ආරාධනා කරන අතරම අප විදුහලින් සිප් සතර හදාරා විදෙස්ගතව සේවය කරන ඔබ සියලු දෙනාටද මේ සඳහා දායකවීමට අරයුම් කරමි.