Pages

Sunday, December 4, 2011

''දෙව්පියතිසි රංග ප්රභා 2011"


අප විද්යාලයේ වර්ෂ අවසාන විවධ ප්රසංගය මෙම මස 06 වන දින ප්රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි. පාසල තුළ මෙවන් විවධප්රසංගයක් සංවිධානය වන්නේ වසර දහයකට පමණ පසුවයි. එම නිසා සිසුන්,ගුරුවරුන් දෙමාපියන් ආදි සිසුන් හා සුභ පතන්නන් සියලු දෙනා මෙම කාර්යය සාර්ථක කර ගැනීමට අවශ්ය දායකත්වය නොමදව ලබා දෙයි. මෙම විධ ප්රසංගය අන්තර්ජාලය ඔස්සේද සජීව විකාශය කිරීමට කටයුතු කරන අතර අප විද්යාලයෙන් ශිල්ප හදාරා විදේශගතව සිටින සියලුම දෙනාටත් සමස්ත ලෝකවාසී ශ්රී ලාකික සියලු දෙනාටමත් මෙම විවිධ ප්රාසංගය නැරඹීමට අප ආරාධනා කර සිටිමු.
විද්යාලයීය දරුදැරියන් සේම ගුරුවරුන්ද මෙම ප්රසංගයෙහි සිය දක්ෂතාවන් එළි දැක්වීම‍ට සූදානම්ව සිටියි. නාට්යාය, ගීත ගායනා, නර්තනයන්, සමූහ වාදන වැනි විවිධ අංග මෙයට ඇතුලත්ව තිබේ. මෙම කර්තව්ය්යෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරන අප විද්යා ලයේ නියෝජ්ය විදුහල්පති සිසිර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවේදී සිහිපත් කරනු කැමැත්තෙමි. විද්යා්ලයේ රංග ශාලාවට අවශ්ය පුටු ලබා ගැනීමට හා ‍සෞන්දර්ය අංශයට අවශ්ය‍ උපකරණ ලබා ගැනීමට කිසියම් මුදලක් උපයා ගැනීමටද මෙයින් බලාපොරොත්තු වෙමු

Sunday, October 3, 2010

සියවස් සැමරුම් අවසන් උත්සවෙය් සජිව විකාශය....


අප විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්ෙනත් පැවැත්ෙවන උත්සව මාලාෙව් අවසන් සියවස් සැමරැම් අභිනන්දන උෙළල අති උත්කර්ෂවත් අන්දම්න් පැවැත්ෙව්. ෙමම අවස්ථාව සජීවීව අන්තර්ජාල විකාශයක් 2010.10.04 වන දි න උදෑසන 10.00 සිට ඔබට නැරඹීමට හැකියාව ලබා දීඅැත.


Sunday, September 26, 2010

අප විද්‍යාලයට වසර සියයයි..............(1910 - 2010)


''සියවස් පිරුණ - සියපත් වරුණ"

මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ කීර්තිමත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කොට මෙම වර්ෂයට වසර සියයක් සපිරීම නිම්ත්තෙන් සියවස සැමරුම් උත්සව මාලාවක් 2010.09.23 වන දින සිට 2010.10.04 වන දින දක්වා පැවැත්වීමට පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය ඇතුළත් පාසල් ප්‍රජාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම උත්සව මාලාව පහත පරිදිය.

2010.09.23 - සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය
2010.09.24 - සියක් නමක් විෂයෙහි ස
සතු දානමය පිංකම.
2010.09.30 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.01 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.04 - ගරු අධ්‍යාපන. අමාත්‍යතුමා, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා,වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමාඇතුලු සම්භාවනීය අමුත්තන්. රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් සියවස් සැමරුම්
අභිනන්දන උළෙල.
එදින වැඩසටහන
1. නිකවැව නාගල රාජමහා විහාරාධිපති නාහිමියන් විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් නව බුදු මැදුර විවෘත කිරීම
2. සියවස් සමරු කලාපය එළි දැක්වීම
3. පාසලේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල් ගල් තැබීම
4. ලොතරැයි දිනුම් ඇදීමක් ඇතුළත් ආදි ශිෂ්‍ය සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීම.

මෙම උත්සව මාලාව සඳහා සහභාගී වීමට ඔබ සැමට සෙනෙහසින් ආරාධනා කරන අතරම අප විදුහලින් සිප් සතර හදාරා විදෙස්ගතව සේවය කරන ඔබ සියලු දෙනාටද මේ සඳහා දායකවීමට අරයුම් කරමි.

Tuesday, June 22, 2010

පොසොන් පොහොය නිමිත්තෙන් බැති ගී ප්‍රසංගයක්...



2010.06.24 වන දින ප.ව.6.30ට පොසොන් උත්සවය නිමිත්තෙන් බොදු බැති ගී ප්‍රසංගයක් සංවිධානය කර ඇත. ගුරු සිසු දෙපිරිසම මෙහිදී ගීත ගැයීමට නියමිත අතර නව නිර්මාණ සහ ජනප්‍රිය ගීත රැසක් ගායනය කිරීමට නියමිතයි. මෙදින සවස 6.30 සිට අන්තර් ජාලය ඔස්සේ මෙම ප්‍රසංගය විකාශය කිරීමට නියමිත අතර එය නැරඹීම සදහා ඔබට මෙසේ ඇරයුම් කර සිටිමු. click here

Wednesday, December 16, 2009

අපි දිනුම්....................


2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග වයඹ පළාත් තරඟයෙන් මෙවර අප විද්‍යාලයට ජයග්‍රහණයන් 3 ක් හිමි වී ඇත. ගියවර සමස්ත ලංකා ශූරයා වූ ඩබ්.ඒ.එම්.කේ. අබේසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ අ.පො.ස. උසස්‍ පෙළ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ මාදුකාංගයට හිමි වූයේ දෙවන ස්ථානයයි. ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. එසේම පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ලන්සකාර මහතා නිර්පාංශු වගාව සම්බන්ධව ඉදිරිපත් කළ මෘදුකාංගයට මෙවර 9 වන ස්ථානය හිමි විය. වයඹ පළාත් අධ්‍යාපන මාදුකාංග තරඟාවලියේ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මැතිතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ 2009 දෙසැම්බර් මස 11 වන දින කුරුණෑගල පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.