Pages

Wednesday, December 16, 2009

අපි දිනුම්....................


2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග වයඹ පළාත් තරඟයෙන් මෙවර අප විද්‍යාලයට ජයග්‍රහණයන් 3 ක් හිමි වී ඇත. ගියවර සමස්ත ලංකා ශූරයා වූ ඩබ්.ඒ.එම්.කේ. අබේසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ අ.පො.ස. උසස්‍ පෙළ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ මාදුකාංගයට හිමි වූයේ දෙවන ස්ථානයයි. ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. එසේම පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ලන්සකාර මහතා නිර්පාංශු වගාව සම්බන්ධව ඉදිරිපත් කළ මෘදුකාංගයට මෙවර 9 වන ස්ථානය හිමි විය. වයඹ පළාත් අධ්‍යාපන මාදුකාංග තරඟාවලියේ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මැතිතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ 2009 දෙසැම්බර් මස 11 වන දින කුරුණෑගල පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

වයඹ පළමුවැනියා වූ ගමේ කොල්ලා........


2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග තරඟයෙන් අප විද්‍යාලයේ ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. නගරික තොරතුරු තාක්ෂණයට අභියෝග කරන නිකවැව දරුවන් මේ වන විට බොහෝ ඉදිරියෙන් සිටින බව අප ඔබට සතුටින් දන්වා සිටින්නෙමු. විද්‍යාලයට කීර්තියක් හිමි කර දුන් කසුන්ට සම්ස්ත පාසල් ප්‍රජාවගේම සුභ පැතුම් එක්වෙයි.

කසුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.........................

Wednesday, December 9, 2009

වයඹ පළාතේ ප්රථම රැහැන් රහිත අන්තර් ජාල කලාපය (WI-FI Zone)ස්ථාපිත වෙයි...




ග්‍රාමීය තොරතුරු තාක්ෂණයට නව අරුතක් එක් කළ නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (WI-FI Zone )බවට පත්වී ඇති බව අප ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි. මේ වන විට තොරතුරු තාක්ෂණයේ ඉහළ ස්ථානයක සිටින නිකවැව ප්‍රදේශයේ දරු දැරියන් හට පන්තිකාමරය තුළදී තම අධ්‍යාපනික අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කිරීමට අවස්ථාව ලැබී ඇත. විශේෂයෙන්ම මෙහිදී මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන් නිකවැව නාගල රජමහා විහාරධිපති පූජ්‍ය දළදාගම ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ හට සමස්ත පාසල් ප්‍රජාවගේම ‍ගෟරව පූර්වක ස්තුතිය පිරි නමමි.
වයඹ පළාතේ ප්‍රථම WI-FI පාසල වන අප විද්‍යාලයට ඉන්ටෙල් සමාගමේ අනුග්‍රහයෙන් ලබා දී ඇති ලැප් ටොප් පරිගණක පන්ති කාමර තුළ ඉගෙනුම් ආධාරක වශයෙන් යොදාගෙන ගුරුවරුනට තම ඉගෙනුම් ඉගැන්විම් කටයුතු ඉතා ඵලදායී අන්දමට කර ගැනීමට මේ අනුව අවස්ථාව උදා වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දියත් වන E-Village ව්‍යාපෘතියට සමගාමීව ඉදිරියේදී නිකවැව ගම්මානය ද WI-FI කලාපයක් බවට පත් කරලීම අපගේ මීළඟ අරමුණයි.