Pages

Sunday, October 3, 2010

සියවස් සැමරුම් අවසන් උත්සවෙය් සජිව විකාශය....


අප විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්ෙනත් පැවැත්ෙවන උත්සව මාලාෙව් අවසන් සියවස් සැමරැම් අභිනන්දන උෙළල අති උත්කර්ෂවත් අන්දම්න් පැවැත්ෙව්. ෙමම අවස්ථාව සජීවීව අන්තර්ජාල විකාශයක් 2010.10.04 වන දි න උදෑසන 10.00 සිට ඔබට නැරඹීමට හැකියාව ලබා දීඅැත.


Sunday, September 26, 2010

අප විද්‍යාලයට වසර සියයයි..............(1910 - 2010)


''සියවස් පිරුණ - සියපත් වරුණ"

මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ කීර්තිමත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කොට මෙම වර්ෂයට වසර සියයක් සපිරීම නිම්ත්තෙන් සියවස සැමරුම් උත්සව මාලාවක් 2010.09.23 වන දින සිට 2010.10.04 වන දින දක්වා පැවැත්වීමට පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය ඇතුළත් පාසල් ප්‍රජාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම උත්සව මාලාව පහත පරිදිය.

2010.09.23 - සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය
2010.09.24 - සියක් නමක් විෂයෙහි ස
සතු දානමය පිංකම.
2010.09.30 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.01 - අධ්‍යාපන ප්‍රදර්ශනය.
2010.10.04 - ගරු අධ්‍යාපන. අමාත්‍යතුමා, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා,වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමාඇතුලු සම්භාවනීය අමුත්තන්. රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් සියවස් සැමරුම්
අභිනන්දන උළෙල.
එදින වැඩසටහන
1. නිකවැව නාගල රාජමහා විහාරාධිපති නාහිමියන් විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් නව බුදු මැදුර විවෘත කිරීම
2. සියවස් සමරු කලාපය එළි දැක්වීම
3. පාසලේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල් ගල් තැබීම
4. ලොතරැයි දිනුම් ඇදීමක් ඇතුළත් ආදි ශිෂ්‍ය සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීම.

මෙම උත්සව මාලාව සඳහා සහභාගී වීමට ඔබ සැමට සෙනෙහසින් ආරාධනා කරන අතරම අප විදුහලින් සිප් සතර හදාරා විදෙස්ගතව සේවය කරන ඔබ සියලු දෙනාටද මේ සඳහා දායකවීමට අරයුම් කරමි.

Tuesday, June 22, 2010

පොසොන් පොහොය නිමිත්තෙන් බැති ගී ප්‍රසංගයක්...



2010.06.24 වන දින ප.ව.6.30ට පොසොන් උත්සවය නිමිත්තෙන් බොදු බැති ගී ප්‍රසංගයක් සංවිධානය කර ඇත. ගුරු සිසු දෙපිරිසම මෙහිදී ගීත ගැයීමට නියමිත අතර නව නිර්මාණ සහ ජනප්‍රිය ගීත රැසක් ගායනය කිරීමට නියමිතයි. මෙදින සවස 6.30 සිට අන්තර් ජාලය ඔස්සේ මෙම ප්‍රසංගය විකාශය කිරීමට නියමිත අතර එය නැරඹීම සදහා ඔබට මෙසේ ඇරයුම් කර සිටිමු. click here