Pages

Monday, August 10, 2009

අප ගිය අධ්‍යාපන චාරිකා......


පසු ගිය දින කිහිපය ඇතුළතදී අප විද්‍යාලයේ දරු දැරියන්ගෙන් සියයයට අසූ පහක් පමණ අධ්‍යාපන චාරිකා සඳහා සහභාගී විය. ප්‍රාථමික අංශයේ දරුදැරියෝ අනුරාධපුරයට ද 6-9 ශ්‍රේණිවල දරුවෝ කොළඹ ප්‍රදේශයට ද 10 සහ 11 ශ්‍රේණි වල දරුවෝ මාදුරු ඔය ප්‍රදේශයට ද උසස් පෙළ දරුවෝ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ද අධ්‍යාපන චාරිකාවන් ගියහ.

Thursday, August 6, 2009

එන්.එච්. ගුණවතී ගුරුතුමිය විශ්‍රාම යයි....


පුරා 30 වසරක් පමණ දරුවන්ගේ නෙත් පාදමින් මෙම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අමිල මෙහෙයක් සිදු කළ එන්.එච්. ගුණවතී ගුරුතුමිය සිය ගුරු දිවියට සමු දුන්නාය. අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ උන්නතිය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ එතුමියට උපහාර පිදිමේ උත්සවයක් 2009.07.24 දින විද්‍යාලයේදී පැවැත්වුණි.

අපේ පාසල රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (Wi-Fi Zone) බව‍ට පත් කිරීමට සූදානමක්....


2009.07.08 වන දින SLTS (Sri Lanka Telecom Service) ආයතනයේ කණ්ඩායමක් අප පාසලට පැමිණ රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා පිළබ ව සොයා බලනු ලැබීය. එම ආයතනයේ තාක්ෂණ නිළධාරී කමල් විජයලත් සහ සම්බන්ධීකාරක රන්ජිත් පියදාස යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම සමස්ත පාසල් පරිශ්‍රයම පරීක්ෂාකර බලා මෙම විද්‍යාලය තුළ මෙය සාර්ථකව කළ හැකි බව අපට දැන්වීය. ඒ අනුව නුදුරු දිනකදී අප විද්‍යාල භූමිය රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් බවට පත්වනු ඇත. මෙම කාර්යය සඳහා කැපවූ SLTS ආයතනයේ මහත්වරුන්ට අපගේ ස්තුතිය පිරි නමන්නෙමු.