Pages

Wednesday, December 16, 2009

අපි දිනුම්....................


2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග වයඹ පළාත් තරඟයෙන් මෙවර අප විද්‍යාලයට ජයග්‍රහණයන් 3 ක් හිමි වී ඇත. ගියවර සමස්ත ලංකා ශූරයා වූ ඩබ්.ඒ.එම්.කේ. අබේසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ අ.පො.ස. උසස්‍ පෙළ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ මාදුකාංගයට හිමි වූයේ දෙවන ස්ථානයයි. ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. එසේම පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ලන්සකාර මහතා නිර්පාංශු වගාව සම්බන්ධව ඉදිරිපත් කළ මෘදුකාංගයට මෙවර 9 වන ස්ථානය හිමි විය. වයඹ පළාත් අධ්‍යාපන මාදුකාංග තරඟාවලියේ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මැතිතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ 2009 දෙසැම්බර් මස 11 වන දින කුරුණෑගල පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

වයඹ පළමුවැනියා වූ ගමේ කොල්ලා........


2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග තරඟයෙන් අප විද්‍යාලයේ ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය. නගරික තොරතුරු තාක්ෂණයට අභියෝග කරන නිකවැව දරුවන් මේ වන විට බොහෝ ඉදිරියෙන් සිටින බව අප ඔබට සතුටින් දන්වා සිටින්නෙමු. විද්‍යාලයට කීර්තියක් හිමි කර දුන් කසුන්ට සම්ස්ත පාසල් ප්‍රජාවගේම සුභ පැතුම් එක්වෙයි.

කසුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.........................

Wednesday, December 9, 2009

වයඹ පළාතේ ප්රථම රැහැන් රහිත අන්තර් ජාල කලාපය (WI-FI Zone)ස්ථාපිත වෙයි...




ග්‍රාමීය තොරතුරු තාක්ෂණයට නව අරුතක් එක් කළ නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (WI-FI Zone )බවට පත්වී ඇති බව අප ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි. මේ වන විට තොරතුරු තාක්ෂණයේ ඉහළ ස්ථානයක සිටින නිකවැව ප්‍රදේශයේ දරු දැරියන් හට පන්තිකාමරය තුළදී තම අධ්‍යාපනික අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කිරීමට අවස්ථාව ලැබී ඇත. විශේෂයෙන්ම මෙහිදී මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන් නිකවැව නාගල රජමහා විහාරධිපති පූජ්‍ය දළදාගම ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ හට සමස්ත පාසල් ප්‍රජාවගේම ‍ගෟරව පූර්වක ස්තුතිය පිරි නමමි.
වයඹ පළාතේ ප්‍රථම WI-FI පාසල වන අප විද්‍යාලයට ඉන්ටෙල් සමාගමේ අනුග්‍රහයෙන් ලබා දී ඇති ලැප් ටොප් පරිගණක පන්ති කාමර තුළ ඉගෙනුම් ආධාරක වශයෙන් යොදාගෙන ගුරුවරුනට තම ඉගෙනුම් ඉගැන්විම් කටයුතු ඉතා ඵලදායී අන්දමට කර ගැනීමට මේ අනුව අවස්ථාව උදා වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දියත් වන E-Village ව්‍යාපෘතියට සමගාමීව ඉදිරියේදී නිකවැව ගම්මානය ද WI-FI කලාපයක් බවට පත් කරලීම අපගේ මීළඟ අරමුණයි.

Sunday, November 1, 2009

2009 - 5 ශ්රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් හපන්නු


මෙවර අප විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුන් බොහෝ දෙනෙකු ඉතා විශිෂ්ඨ ලෙස ප්‍රතිඵල පෙන්වා ඇති අතර ඉතිහාස‍යේ ප්‍රථම වරට සිසුන් 9 ක් සමත් වී ඇත. මීට ඉහත මෙම විද්‍යාලයේ ශිෂත්ව විභාගය සමත් ඉහළම ශිෂ්‍ය සංඛ්‍යව ලෙස වාර්තා වී තිබුණේ සිසුන් 8 කි. මෙවර සිසුන්ගේ ජයග්‍රහණය උදෙසා අසිමිත කැප කිරීමක් කළ පන්ති භාර ආචාර්යය ආර්.එම්. ශ්‍රියාණි රාජපක්ෂ ගුරුතුමිය ඉතා විශිෂ්ඨ ලෙස ඇගයිමට ලක්වු අතර සිසුන් සියලු දෙනාටම සමස්ත පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභ පැතුම් එක් කිරිමට කැමැත්තෙමි.
ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ නම් හා ඔවුන් ලබා ගත් ලකුණු පහත දැක්වේ.
1. සචිනි ප්‍රිතිකා - 165
2. දේවිකා කල්පනී - 161
3. දේවින්දි මහීෂා - 162
4. දිස්නා මධුෂාණි - 154
5. ගෙත්මී පාලින්ද්‍යා - 148
6. දිලිනි නිසංසලා - 148
7. සචිනි නයනිකා - 145
8. අචිනි සමාධි - 145
9. සෞම්‍ය කෞෂාන් - 145

Monday, August 10, 2009

අප ගිය අධ්‍යාපන චාරිකා......


පසු ගිය දින කිහිපය ඇතුළතදී අප විද්‍යාලයේ දරු දැරියන්ගෙන් සියයයට අසූ පහක් පමණ අධ්‍යාපන චාරිකා සඳහා සහභාගී විය. ප්‍රාථමික අංශයේ දරුදැරියෝ අනුරාධපුරයට ද 6-9 ශ්‍රේණිවල දරුවෝ කොළඹ ප්‍රදේශයට ද 10 සහ 11 ශ්‍රේණි වල දරුවෝ මාදුරු ඔය ප්‍රදේශයට ද උසස් පෙළ දරුවෝ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ද අධ්‍යාපන චාරිකාවන් ගියහ.

Thursday, August 6, 2009

එන්.එච්. ගුණවතී ගුරුතුමිය විශ්‍රාම යයි....


පුරා 30 වසරක් පමණ දරුවන්ගේ නෙත් පාදමින් මෙම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අමිල මෙහෙයක් සිදු කළ එන්.එච්. ගුණවතී ගුරුතුමිය සිය ගුරු දිවියට සමු දුන්නාය. අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ උන්නතිය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ එතුමියට උපහාර පිදිමේ උත්සවයක් 2009.07.24 දින විද්‍යාලයේදී පැවැත්වුණි.

අපේ පාසල රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (Wi-Fi Zone) බව‍ට පත් කිරීමට සූදානමක්....


2009.07.08 වන දින SLTS (Sri Lanka Telecom Service) ආයතනයේ කණ්ඩායමක් අප පාසලට පැමිණ රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා පිළබ ව සොයා බලනු ලැබීය. එම ආයතනයේ තාක්ෂණ නිළධාරී කමල් විජයලත් සහ සම්බන්ධීකාරක රන්ජිත් පියදාස යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම සමස්ත පාසල් පරිශ්‍රයම පරීක්ෂාකර බලා මෙම විද්‍යාලය තුළ මෙය සාර්ථකව කළ හැකි බව අපට දැන්වීය. ඒ අනුව නුදුරු දිනකදී අප විද්‍යාල භූමිය රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් බවට පත්වනු ඇත. මෙම කාර්යය සඳහා කැපවූ SLTS ආයතනයේ මහත්වරුන්ට අපගේ ස්තුතිය පිරි නමන්නෙමු.

Friday, July 24, 2009

අබේසිංහ ගුරුතුමාගේ මැලේසියානු සංචාරය..


2008 සමස්ත ලංකා පාසල් අධ්‍යාපන මෘදුකාංග තරඟාවලියේ (innovative teachers' competition) ප්‍රථමස්ථානය හිමි කර ගත් අප විද්‍යාලයේ ඩබ්.ඒ.එම්. කිත්සිරි අබේසිංහ මහතා 2009.06.25 දින මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කලාපීය ගුරුවරුන්ගේ සමුළුව සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගියේය. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘතිය විසින් මෙහෙයවනු ලැබූ අතර Microsoft සමාගම අනුග්‍රහය දක්වන ලදි. විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඒ මහතාට අප පාසලේ උණුසුම් සුබ පැතුම් පිි නමන්නෙමු.

පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට කැඩෙට් කණ්ඩායමක් බිහිවෙයි.......


දීර්ඝ කාලයක් තිස්සේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් කැඩෙට් සංචිතයක් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවති 2009 තරඟාවලියට ඉදිරිපත් විය. විද්‍යාලයීය ගුවන් හමුදා ශිෂ භට කණ්ඩායම මෙහිදී ජයග්‍රහණයන් රැසක්ම ලබා ගෙන ඇති අතර ඒ සඳහා දායක වූ සියළුම ශිෂ්‍යයන්ටත් කණ්ඩායම් භාරව කටයුතු කළ නාලක විජේරත්න මහතාටත් ලක්මාලි විජේකෝන් මෙනවියටත් පාසලේ ගෞරවය පිරි නමමු.

Mini computers 20 ක් අපේ පාසලටත් ලැබුණා.....



Intel සමාගමේ අනුග්‍රහයෙන් ලංකාවේ පාසල් 20 ක් තෝරාගෙන ඉගෙනුම් ආධාරකයක් වශයෙන් යොදා ගැනීම සඳහා Note book Computers (Class-mate PC) 20ක් අප විද්‍යාලයටත් ලබා දුනි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම අවස්ථාව උදාකරගත් එකම පාසල අප පාසලයි. මෙම අවසථාව අප විද්‍යාලයට උදා කරදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය කළ මෙහෙය ද මෙම අවස්ථාවේදී ඉතා ‍ෙගෟරවයෙන් යුතුව සිහිපත් කරන්නනෙමු. තව නොබෝ දිනකින් මෙම උපාංග තුළින් අන්තර්ජාලයට පිවිසෙමින් සිය අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට සිසුන්ට හා ගුරුවරුනට අවස්ථාව උදා වනු ඇත.

Wednesday, July 22, 2009

සමස්ත ලංකා පාසල් අධ්‍යාපනික මෘදුකාංග තරඟාවලිය ජයග්‍රහණය කළ වගයි....


2008 වර්ෂයේ පාසල් අධ්‍යාපනික මෘදුකාංග තරඟ‍ාවලිය සඳහා අප විද්‍යාලයෙන් ඉදිරිපත්වූ ඩබ්.ඒ.එම්.‍ෙක්. අබේසිංහහ මහතා දිවයිනෙන්ම ප්‍රථමස්ථානය දිනා ගත්‍තේය. වයඹ පළාත් තරඟාවලියෙන්ද ප්‍රථමස්ථානය දිනා ගත් ඔහු අති දක්ෂ තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකි. කොළඹ ජය සංකේත ප්‍රදාන උත්සවය ගලදාරී හෝට‍ලයේ ඉතා අභිමානවත් අයුරින් පැවති අතර අධ්‍යාපන අමාත්‍යවරයා එහි ප්‍රධාන ආරාධිතයා විය. විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඒ මහතා හට සමස්ත පාසල් ප්‍රජාව ම උණුසුම් සුභ පැතුම් පිරි නමයි.

වැඩි විස්තර

පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට ගුරුවරයෙකු විදෙස් සංචාරයක.....


2008.03.21 දින සිට 29 දින දක්වා ඉන්දියාවේ බාරාමතී නගරයේ විද්‍යාප්‍රතිස්නා විශ්ව විද්‍යාලයේ ඉන්ටෙල් සමාගමේ ‍ෙමහෙයවීමෙන් පැවැත්වෙන තොරතුරු තාක්ෂණ සමුළුව සඳහා සහභාගී වීමට අප විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ක්‍රිෂාන්ත ලන්සකාර මහතා පාසලෙන් පිටත්ව ගියේය. ඔහු සමග අනෙකුත් පළාත්වල ගුරුවරුන් හතර දෙනෙකුත් ලංකාවේ ප්‍රථම විද්‍යුත් ගම්මානය ලෙස හැඳින ගත් මහවිලච්චිය Horizonlanka ඊ ගම්මානයේ නිර්මාතෘ නන්දසිරි වන්නිනායක මහතාත් ඇතුළු හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම ගුරුවරයා හට මෙම මහඟු අවස්ථාව උදාකර දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියට අපගේ ස්තුතිය පිරි නමමු.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න


Tuesday, July 21, 2009

ඊ ගම්මාන ව්‍යාපාතිය අප විද්‍යාලයටත්......



මහවලච්චිය නම් වු ඈත පිටිසර ගම්මානය තුළ සිදු වන තොරතුරු තාක්ෂණ පෙළහර පිළිබඳ කණ වැකුණු ජනාධිපති ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එම වැඩසටහන අනෙකුත් ප්‍රදේශවලද ව්‍යාප්ත කිරිම සඳහා අවශ්‍ය මුලික කටයුතු සුදානම් ‍ෙකරිණි. ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් එක් පළාතකින් එක් විද්‍යාලය බැගින් තොරාගෙන මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමට පියවර ගෙන තිබුණි. වයඹ පළාත තුළ මේ සඳහා තෝරා ගන්නා ලද්දේ අප විද්‍යාලයයි. නිකවැව ගම්මානය තොරතුරු තාක්ෂණය හ‍ා ඉංග්‍රීසි දැනුමෙන් පොහොසත් කිරීමේ අරමුණින් ඇරඹි මෙම ව්‍යාපෘතිය අද වන විට බොහෝ සන්ධිස්ථාන පසු කරමින් ඉදිරියටම යයි. මෙබදු දුෂ්කර ප්‍රදේශයක දරුවනට මෙවන් අවස්ථාවක් උදාකරදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවිකරණ වයාපෘතියට අපගේ කෘතඥතාව පළකර සිටිමු. මේ ගැන වැඩි විස්තර අපගේ නිල වෙබ් අඩවිය වන www.wayambalanka.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

Friday, May 1, 2009

විද්‍යාලයේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රහණය.......


අප විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම 2007 වර්ෂයේ සමස්ත ලංකා පාසල් තරඟාවලියේ නව නිර්මාණ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනී. විදයාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට ලබා ගත් මෙම ජයග්‍රහණයට කැපවූ ආදරණීය නැටුම් ගුරුතුමිය ශ්‍යාමා නිශ්ශංකටත් සහභාගී වූ සියළුම දරු දැරියන්ටත් සහයෝගය දුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් දෙමාපියන්ටත් ‍ෙදව්පියතිස් විදු මෑණියන් හිස නමා ආචාර කරයි. මේ ගැන වැඩි විස්තර අප පාසල් වෙබ් අඩවිය වන www.nikawewa.sch.lk ට පිවිසීමෙන් ලබා ගත හැක.