Pages

Wednesday, December 9, 2009

වයඹ පළාතේ ප්රථම රැහැන් රහිත අන්තර් ජාල කලාපය (WI-FI Zone)ස්ථාපිත වෙයි...




ග්‍රාමීය තොරතුරු තාක්ෂණයට නව අරුතක් එක් කළ නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් (WI-FI Zone )බවට පත්වී ඇති බව අප ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි. මේ වන විට තොරතුරු තාක්ෂණයේ ඉහළ ස්ථානයක සිටින නිකවැව ප්‍රදේශයේ දරු දැරියන් හට පන්තිකාමරය තුළදී තම අධ්‍යාපනික අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කිරීමට අවස්ථාව ලැබී ඇත. විශේෂයෙන්ම මෙහිදී මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන් නිකවැව නාගල රජමහා විහාරධිපති පූජ්‍ය දළදාගම ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ හට සමස්ත පාසල් ප්‍රජාවගේම ‍ගෟරව පූර්වක ස්තුතිය පිරි නමමි.
වයඹ පළාතේ ප්‍රථම WI-FI පාසල වන අප විද්‍යාලයට ඉන්ටෙල් සමාගමේ අනුග්‍රහයෙන් ලබා දී ඇති ලැප් ටොප් පරිගණක පන්ති කාමර තුළ ඉගෙනුම් ආධාරක වශයෙන් යොදාගෙන ගුරුවරුනට තම ඉගෙනුම් ඉගැන්විම් කටයුතු ඉතා ඵලදායී අන්දමට කර ගැනීමට මේ අනුව අවස්ථාව උදා වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ EKSP ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දියත් වන E-Village ව්‍යාපෘතියට සමගාමීව ඉදිරියේදී නිකවැව ගම්මානය ද WI-FI කලාපයක් බවට පත් කරලීම අපගේ මීළඟ අරමුණයි.

No comments:

Post a Comment