මහවලච්චිය නම් වු ඈත පිටිසර ගම්මානය තුළ සිදු වන තොරතුරු තාක්ෂණ පෙළහර පිළිබඳ කණ වැකුණු ජනාධිපති ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එම වැඩසටහන අනෙකුත් ප්‍රදේශවලද ව්‍යාප්ත කිරිම සඳහා අවශ්‍ය මුලික කටයුතු සුදානම් ෙකරිණි. ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් එක් පළාතකින් එක් විද්‍යාලය බැගින් තොරාගෙන මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමට පියවර ගෙන තිබුණි. වයඹ පළාත තුළ මේ සඳහා තෝරා ගන්නා ලද්දේ අප විද්‍යාලයයි. නිකවැව ගම්මානය තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි දැනුමෙන් පොහොසත් කිරීමේ අරමුණින් ඇරඹි මෙම ව්‍යාපෘතිය අද වන විට බොහෝ සන්ධිස්ථාන පසු කරමින් ඉදිරියටම යයි. මෙබදු දුෂ්කර ප්‍රදේශයක දරුවනට මෙවන් අවස්ථාවක් උදාකරදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවිකරණ වයාපෘතියට අපගේ කෘතඥතාව පළකර සිටිමු. මේ ගැන වැඩි විස්තර අපගේ නිල වෙබ් අඩවිය වන www.wayambalanka.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.
No comments:
Post a Comment