2008.03.21 දින සිට 29 දින දක්වා ඉන්දියාවේ බාරාමතී නගරයේ විද්‍යාප්‍රතිස්නා විශ්ව විද්‍යාලයේ ඉන්ටෙල් සමාගමේ ෙමහෙයවීමෙන් පැවැත්වෙන තොරතුරු තාක්ෂණ සමුළුව සඳහා සහභාගී වීමට අප විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ක්‍රිෂාන්ත ලන්සකාර මහතා පාසලෙන් පිටත්ව ගියේය. ඔහු සමග අනෙකුත් පළාත්වල ගුරුවරුන් හතර දෙනෙකුත් ලංකාවේ ප්‍රථම විද්‍යුත් ගම්මානය ලෙස හැඳින ගත් මහවිලච්චිය Horizonlanka ඊ ගම්මානයේ නිර්මාතෘ නන්දසිරි වන්නිනායක මහතාත් ඇතුළු හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම ගුරුවරයා හට මෙම මහඟු අවස්ථාව උදාකර දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියට අපගේ ස්තුතිය පිරි නමමු.
No comments:
Post a Comment