

2009.07.08 වන දින SLTS (Sri Lanka Telecom Service) ආයතනයේ කණ්ඩායමක් අප පාසලට පැමිණ රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා පිළබ ව සොයා බලනු ලැබීය. එම ආයතනයේ තාක්ෂණ නිළධාරී කමල් විජයලත් සහ සම්බන්ධීකාරක රන්ජිත් පියදාස යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම සමස්ත පාසල් පරිශ්‍රයම පරීක්ෂාකර බලා මෙම විද්‍යාලය තුළ මෙය සාර්ථකව කළ හැකි බව අපට දැන්වීය. ඒ අනුව නුදුරු දිනකදී අප විද්‍යාල භූමිය රැහැන් රහිත අන්තර් ජාල කලාපයක් බවට පත්වනු ඇත. මෙම කාර්යය සඳහා කැපවූ SLTS ආයතනයේ මහත්වරුන්ට අපගේ ස්තුතිය පිරි නමන්නෙමු.
2008 වර්ෂයේ පාසල් අධ්‍යාපනික මෘදුකාංග තරඟාවලිය සඳහා අප විද්‍යාලයෙන් ඉදිරිපත්වූ ඩබ්.ඒ.එම්.ෙක්. අබේසිංහහ මහතා දිවයිනෙන්ම ප්‍රථමස්ථානය දිනා ගත්තේය. වයඹ පළාත් තරඟාවලියෙන්ද ප්‍රථමස්ථානය දිනා ගත් ඔහු අති දක්ෂ තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකි. කොළඹ ජය සංකේත ප්‍රදාන උත්සවය ගලදාරී හෝටලයේ ඉතා අභිමානවත් අයුරින් පැවති අතර අධ්‍යාපන අමාත්‍යවරයා එහි ප්‍රධාන ආරාධිතයා විය. විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඒ මහතා හට සමස්ත පාසල් ප්‍රජාව ම උණුසුම් සුභ පැතුම් පිරි නමයි.
2008.03.21 දින සිට 29 දින දක්වා ඉන්දියාවේ බාරාමතී නගරයේ විද්යාප්රතිස්නා විශ්ව විද්‍යාලයේ ඉන්ටෙල් සමාගමේ ෙමහෙයවීමෙන් පැවැත්වෙන තොරතුරු තාක්ෂණ සමුළුව සඳහා සහභාගී වීමට අප විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය භාර ආචාර්ය ක්‍රිෂාන්ත ලන්සකාර මහතා පාසලෙන් පිටත්ව ගියේය. ඔහු සමග අනෙකුත් පළාත්වල ගුරුවරුන් හතර දෙනෙකුත් ලංකාවේ ප්‍රථම විද්‍යුත් ගම්මානය ලෙස හැඳින ගත් මහවිලච්චිය Horizonlanka ඊ ගම්මානයේ නිර්මාතෘ නන්දසිරි වන්නිනායක මහතාත් ඇතුළු හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම ගුරුවරයා හට මෙම මහඟු අවස්ථාව උදාකර දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියට අපගේ ස්තුතිය පිරි නමමු.
අප විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම 2007 වර්ෂයේ සමස්ත ලංකා පාසල් තරඟාවලියේ නව නිර්මාණ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනී. විදයාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට ලබා ගත් මෙම ජයග්‍රහණයට කැපවූ ආදරණීය නැටුම් ගුරුතුමිය ශ්‍යාමා නිශ්ශංකටත් සහභාගී වූ සියළුම දරු දැරියන්ටත් සහයෝගය දුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් දෙමාපියන්ටත් ෙදව්පියතිස් විදු මෑණියන් හිස නමා ආචාර කරයි. මේ ගැන වැඩි විස්තර අප පාසල් වෙබ් අඩවිය වන www.nikawewa.sch.lk ට පිවිසීමෙන් ලබා ගත හැක.